රොබින් හුඩ් (Robin Hood) පුරාවෘත්තයට සෘජුවම සම්බන්ධ, බ්‍රිතාන්‍යයේ ෂර්වුඩ් වනාන්තරයේ (Sherwood Forest) පිහිටි වසර 1,200ක් පැරණි සුප්‍රසිද්ධ 'මේජර් ඕක්' (Major Oak) වෘක්ෂය මියගොස් ඇති බව බ්‍රිතාන්‍යයේ පරිසර සංරක්ෂණ සංවිධානයක් වන පක්ෂි ආරක්ෂණය පිළිබඳ රාජකීය සංගමය (RSPB) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මෙවර වසන්ත සෘතුවේදී එම දැවැන්ත වෘක්ෂයෙහි අලුතින් කිසිදු පත්‍රයක් හට නොගැනීම හේතුවෙන් විද්‍යාඥයන් විසින් මෙම නිගමනයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මීටර් 28ක (අඩි 92ක) අතු පතර විහිදීමකින් සහ මීටර් 11ක (අඩි 36ක) කඳෙහි වටප්‍රමාණයකින් යුක්ත වූ මෙම මේජර් ඕක් වෘක්ෂය බ්‍රිතාන්‍යයේ පැවති විශාලතම සහ පැරණිතම ගස්වලින් එකක් ලෙසයි සැලකෙන්නේ
වසර සිය ගණනක් තිස්සේ පැමිණි මිලියන සංඛ්‍යාත සංචාරකයන් නිසා ගස අවට පස දැඩි ලෙස තදවීම (Soil compression) සහ පසුගිය කාලසීමාව තුළ බ්‍රිතාන්‍යයට බලපෑ දැඩි උණුසුම් කාලගුණය මෙන්ම නියඟ සහිත ගිම්හාන සෘතු 5ක් (විශේෂයෙන්ම සෙල්සියස් අංශක 40ක වාර්තාගත උණුසුමක් පැවති 2022 ජූලි මාසය) මෙම වෘක්ෂයේ විනාශයට ප්‍රධානතම හේතු වී ඇති බව පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙන්නේ.
මධ්‍යම එංගලන්තයේ නොටින්හැම් අසල පිහිටි ෂර්වුඩ් වනාන්තරය, පොහොසතුන්ගෙන් පැහැරගෙන දුප්පතුන්ට බෙදා දුන් බව කියන ජනප්‍රිය වීරයෙකු වන රොබින් හුඩ් සහ ඔහුගේ පිරිස ආරක්ෂක අංශවලින් බේරීම සඳහා සැඟවී සිටි නිවහන ලෙස ප්‍රසිද්ධය. මධ්‍යකාලීන මුල්කාලීන කථා පුවත්වල මෙම නිශ්චිත ඕක් ගස ගැන සෘජුවම සඳහන් නොවුණද, ඔවුන් එකල හමුවීමට භාවිත කළ 'ට්රිස්ට්ල් ට්‍රීස්' (Trystle trees) නමින් හැඳින්වෙන සුවිශේෂී වෘක්ෂයන් පිළිබඳව එහි සඳහන් වන බැවින්, මෙම මේජර් ඕක් වෘක්ෂය එදා ඔවුන්ගේ ප්‍රධාන හමුවීමේ ස්ථානයක් වන්නට ඇති බව ඉතිහාසඥයන්ගේ මතයයි.
වෘක්ෂය මේ වන විට මියගොස් තිබුණද, එය ඉදිරියටත් ස්වභාවික ස්මාරකයක් ලෙස ෂර්වුඩ් වනාන්තරය මධ්‍යයේ එලෙසම රඳවා තැබීමට RSPB සංගමය තීරණය කර ඇත. නිසි නඩත්තුවක් සහිතව තවත් දශක කිහිපයක් හෝ සියවස් කිහිපයක් යනතුරු මෙම ඓතිහාසික වෘක්ෂය නොදැවී පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, මීට පෙර මෙම ගසෙන් ලබාගත් බීජ (Acos) සහ අතු කැබලි මඟින් බෝ කරගන්නා ලද පැළ මේ වන විට ඇමරිකානු තානාපති නිල නිවස ඇතුළු ලොව පුරා විවිධ ස්ථානවල සාර්ථකව රෝපණය කර තිබෙනවා.

Latest News
රුමේෂ් තරංග ගැන හෙටත් බලාපොරොත්තුවක්
Local
18 June 2026
කෝටි 5ක වංචාවේ "ව්‍යාජ වෛද්‍යවරියට" දැඩි කොන්දේසි මත ඇප
Local
18 June 2026
පිටියේදී ඇති කරගත් ගැටුම නිසා වෛභව් සූර්යවංශිට දැඩි විනය පියවර? අවසන් තීරණය BCCI අතේ
Local
18 June 2026
රට පුරා මාරක රිය අනතුරු පහකින් හය දෙනෙක් ජීවිතක්ෂයට!
Local
18 June 2026
මැදවච්චියේ සැලූන් හිමිකරුවකුට තියුණු ආයුධයකින් පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
18 June 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ කටුවාවල දෙමහල් නිවෙස සහ ඉඩම තහනමට: සැකකාරිය හෙට (19) තෙක් රිමාන්ඩ්
Local
18 June 2026
රොබින් හුඩ්ගේ සැඟවුම්පොළ ලෙස ප්‍රකට, බ්‍රිතාන්‍යයේ වසර 1200ක් පැරණි සුප්‍රසිද්ධ 'මේජර් ඕක්' වෘක්ෂය මියයයි
Local
18 June 2026
''මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කරන්න ටික කාලයක් යනවා'' - ඇමති ආනන්ද විජේපාල
Local
18 June 2026
ස්පයිඩර් මෑන් ප්රචාරක චාරිකාව ඇරඹෙයි - විවාහයෙන් පසු සෙන්දයා සහ ටොම් හොලන්ඩ් පළමු වරට එකට කරළියට
Local
18 June 2026
සූගීෂ්වර බණ්ඩාර ජුලි 01 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
18 June 2026