නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට සන්නද්ධ තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් සඳහන් කරනවා.
මෙය මාස පහකටත් අඩු කාලයක් තුළ මෙම ස්ථානයට එල්ල වූ දෙවන ප්‍රහාරය බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
බහුතරයක් මුස්ලිම් ජාතිකයන් වෙසෙන මෙම රටේ වැසියන් BBC පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ, තමන් පෙරවරු යාච්ඤා කටයුතු අවසන් කරනවාත් සමගම අගනුවර වන නියාමි (Niamey) හි පිහිටි දියෝරි හමානි (Diori Hamani) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දෙසින් පිපිරීම් සහ වෙඩි තැබීම් ශබ්ද ඇසුණු බවයි.
නයිජර් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, මියගිය පිරිස අතර ප්‍රහාරකයන් 22 දෙනෙකු, සෙබළුන් 11 දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු සිටින බවයි.
අල්-කයිඩා (Al-Qaeda) සංවිධානයට අනුබද්ධ 'ජමාත් නුස්රත් අල්-ඉස්ලාම් වල්-මුස්ලිමීන්' (JNIM) නමැති කණ්ඩායම මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
නයිජරය දශකයක පමණ කාලයක සිට ඉස්ලාමීය කැරලිකරුවන්ට එරෙහිව සටන් වදිමින් සිටින අතර, ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ සංවිධානයක් විසින් පසුගිය ජනවාරි මාසයේදීද මෙම ගුවන් තොටුපොළටම එල්ල වූ ප්රහාරයක වගකීම භාරගෙන තිබුණා.
ආරක්ෂක අංශ විසින් ප්‍රහාරයට සම්බන්ධ වී පලාගිය සෙසු සැකකරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, මියගිය ප්‍රහාරකයන් 22 දෙනාට අමතරව තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
එමෙන්ම සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔවුන් පවසා තිබෙනවා.
_BBC_

Latest News
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධි චෝදනා
Local
19 June 2026
දූෂණ චෝදනා මත ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට
Local
19 June 2026
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මුද්‍රාව සහ රාජ්‍ය ආයතන මුද්‍රා කූඨ ලෙස සැකසූ තිදෙනෙක් ජුලි 03 දක්වා රිමාන්ඩ්
Local
19 June 2026
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවා අවසන් - අධිකරණ වෛද්‍ය නිලධාරීට සහ රස පරීක්ෂකට නොතීසි
Local
19 June 2026
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්ගේ රිට් පෙත්සම ජූලි 20 කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
19 June 2026
පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මෙසී සංවේදී වෙයි: වගකීම් විරහිත මාධ්‍ය හැසිරීම්වලට පවුලේ අයගෙන් දැඩි විරෝධයක්
Local
19 June 2026
නයිජර් රාජ්‍යයේ විශාලතම ගුවන් තොටුපොළට වෙඩි ප්‍රහාරයක්: පුද්ගලයන් 35ක් ජීවිතක්ෂයට
Local
19 June 2026
අද සිට අධිවේගයේ ආසන පටි අනිවාර්යයි: නීතිය කඩ කළ බස් රථයකට වැඩ වරදී
Local
19 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 338.70ක් ලෙස සටහන් වෙයි
Local
19 June 2026
Memory Chips හිඟය නිසා ඇපල් නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සැරසෙයි - ප්‍රධාන විධායක ටිම් කුක්
Local
19 June 2026