විදේශගත වීම සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා විසින් කළ ඉල්ලීම නිසි දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරමින් සිදු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
දූෂණ චෝදනාවක සැකකරුවකු වශයෙන් නම් කර සිටින සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ මෝසමක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
ඒ අවස්ථාවේදී සැකකාර සජීන් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණයට දැනුම් දුන්නේ පෞද්ගලික කටයුත්තක් සඳහා සිය සේවා දායකයාට විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා දැනට නිකුත් කර තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව අදාල ලේඛන පරීක්ෂාවට ලක් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම ඉල්ලීම තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය මහාධිකරණය සඳහා ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් බවයි.
ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්ත සඳහා වෙනම දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අදාල ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ නීතිඥවරයාට නියම කළා.
ඒ අනුව නිසි ලේඛන සහිතව තමන් ඉදිරි දිනයක අල්ලස් කොමිසමටද නොතිසි ලබාදී මෙම ඉල්ලීම තහවුරු කිරීමට පියවර ගන්නා බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන් කටයුතු කළ සමයේ රුපියල් කෝටි 30කට අධික වත්කම් අයථා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩුකරය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

Latest News
GTA 6 නිල කවරය සහ පෙර-ඇණවුම් දිනය එළියට
Local
19 June 2026
තායිලන්තයේ සිට රුපියල් මිලියන 75ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන ඒමට තැත් කළ අයෙකු කටුනායකදී අත්අඩංගුවට
Local
19 June 2026
මොස්කව් නුවර ‘Let’s Travel’ ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ඇගයීමක්
Local
19 June 2026
සජින් වාස්ගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීම සලකා බැලීමට අධිකරණය දිවුරුම් ප්‍රකාශ ඉල්ලයි
Local
19 June 2026
ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයාට ඇප
Local
19 June 2026
තෙල්දෙණිය සිද්ධියේ සැකකාර පෙම්වතා වෙස් මාරු කර තරුණියන් රැවටූ විවාහකයෙක් - තට්ට හිසක් සහිත ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රවටලා
Local
19 June 2026
අම්බලන්ගොඩ ආශ්‍රිතව හෙට විශේෂ රථවාහන සැලැස්මක්
Local
19 June 2026
ඉන්දියාවේ ටෙලිග්‍රෑම් තහනම ස්ථිරයි - රජයේ ක්‍රියාමාර්ගය නීත්‍යානුකූල බවට දිල්ලි මහාධිකරණය තීන්දු කරයි
Local
19 June 2026
කලින් ලාභයි, දැන් අලාභයි: සීනි කඩේ ආර්ථික දායකත්වය රු බිලියන 11ක් - නි. ඇමති චතුරංග
Local
19 June 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහළ යෑමක්
Local
19 June 2026