General21 June 2026

නියඟයක් ආවත් සහල් හිඟයක් නැහැ - වෙළඳ ඇමති

ප්‍රදේශ කිහිපයක යල කන්නයේ වී අස්වනු නෙළීම මේ වන විට ආරම්භ වී ඇති පසුබිමක පසුගිය මහ කන්නයේ වී අස්වනු සඳහා තවමත් නිසි මිලක් නොමැති බවට ගොවීන් මැසිවිලි නගනවා.

කෙසේ වෙතත් අමාත්‍ය වසන්ත සමරසිංහ පවසන්නේ මේ වන විට වී කිලෝවක් සඳහා රුපියල් 120ක මිලක් පවතින බවයි.

එසේම, ඉදිරියේදී නියගයක් මතුවුවද සහල් හිඟයක් මතු නොවන බවයි එප්පාවල ප්‍රදේශයේ උත්සවයකට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ.

කෙසේ වෙතත්, රත්නපුර - ගොඩකවෙල රන්වල ප්‍රදේශයේ ගොවීන් මෙවර යල කන්නයේ වී වගාව ආරම්භ කර මාස එකහමාරකට අධික කාලයක් ගතවී තිබුණද, වගාවන්ට අවශ්‍ය පොහොර තවමත් නිසි ලෙස සපයා ගැනීමට නොහැකි වීමෙන් පීඩාවට පත්ව සිටිනවා.

එමෙන්ම, අස්වනු නෙළීම ආරම්භ කර තිබුණද ඒ සඳහා නිසි මිලක් මෙතෙක් තීරණය වී නොමැති බවට ද ගොවීන් චෝදනා කළා.
Related recommendation
Hiru TV News | Programmes