General21 June 2026

බදුල්ලේ පවුල් 10,731කට ඉඩම් බලපත්‍ර අයිතිය

ඌව පළාතේ ඉඩම් බලපත්‍ර නොමැතිව ඉඩම් භුක්ති විඳිමින් සිටි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක "ඌව පළාත් ඉඩම් බලපත්‍ර 10,000 වැඩසටහන" යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය බලප්‍රදේශ රැසක ජනතාව වෙනුවෙන් ඉඩම් බලපත්‍ර 10,731ක් ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරුණා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව බදුල්ල දිස්ත්‍රික්කය පුරා මෙම සුවිශේෂී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා.

ඒ අනුව, රිදීමාලියද්ද, මහියංගණය, සොරණාතොට, මීගහකිවුල සහ කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශවල ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් බලපත්‍ර ලබාදීම සිදු කෙරුණා.

මෙහිදී වැඩිම ප්‍රතිලාභීන් පිරිස වූ 744දෙනෙකු වාර්තා වුණේ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා බලප්‍රදේශයෙන්.
Related recommendation
Hiru TV News | Programmes