General22 June 2026

2026 උසස් පෙළ උත්තරපත්‍ර ඇගයීම් අයැදුම්පත් කැඳවීම ජූනි 26 දක්වා දීර්ඝ කෙරේ

අ.පො.ස. (උ.පෙළ) විභාගය - 2026 උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පරීක්ෂකවරුන් වෙතින් ලැබී ඇති ඉල්ලීම් සලකා බලා, උත්තරපත්‍ර ඇගයීම් සඳහා මාර්ගගතව අයැදුම් කිරීමේ අවසාන දිනය 2026.06.26 දින තෙක් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය මඟින් ජුනි 26 දින තෙක් ඒ සඳහා මාර්ගගතව අයදුම් කළ හැකියි.

අයදුම්පත් යොමු කිරීමේ දී කිසියම් ගැටළුවක් මතු වුවහොත් සහාය සඳහා දුරකථන අංක 0113661122, 0113671568 මඟින් මාර්ගගත ශාඛාව හෝ දුරකථන අංක 0112785231, 0112785681 මඟින් පාසල් විභාග ඇගයීම් ශාඛාව ඇමතිය හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් ඒ.එල්.එම්. ඉන්දික කුමාර සිංහලගේ පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes