General22 June 2026

රන් සම්මාන තුනක් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට හොරණදී උණුසුම් පිළිගැනීමක්

ලෝකයේ ප්‍රමුඛතම ක්‍රීඩා තරගාවලි හතරකට සහභාගි වී රන් සම්මාන තුනක් සහ රිදී සම්මානයකින් පිදුම් ලැබූ, ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ක්‍රීඩකයා පිළිගැනීමේ විශේෂ උත්සවයක් අද (22) හොරණ නගරයේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

හල්තොට ප්‍රදේශයේ පදිංචි මෙම දක්ෂ ක්‍රීඩකයා, ප්‍රවීණ ක්‍රීඩකයෙකු වන තුෂාර ප්‍රේමකීර්ති මහතාගේ පුත්‍රයායි.

ජයග්‍රහණ රැසක් රටට දායාද කරමින් මව්බිමට පැමිණි රුමේෂ් තරංග ක්‍රීඩකයාව බණ්ඩාරගම, ගැලණිගම අධිවේගී පිවිසුමේ සිට දර්ශනීය රිය පෙරහැරකින් පානදුර - රත්නපුර මාර්ගය ඔස්සේ හොරණ නගරය වෙත උත්කර්ෂවත් අයුරින් කැඳවාගෙන ඒමට කටයුතු කර තිබුණා.

මෙම විශේෂ පිළිගැනීමේ උත්සව අවස්ථාව සඳහා හොරණ නගර සභාවේ සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරි, ලේකම් අචිනි ගයන්ති, හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා, උප පොලිස් පරීක්ෂක විමල් ආනන්ද, හොරණ එක්සත් ක්‍රීඩා සමාජයේ සභාපති වයි. ලලිත් ඇතුළු ඇතුළු නිලධාරීන් මෙන්ම ක්‍රීඩකයාගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
Related recommendation
Hiru TV News | Programmes