ලෝකයේ ප්‍රමුඛතම ක්‍රීඩා තරගාවලි හතරකට සහභාගි වී රන් සම්මාන තුනක් සහ රිදී සම්මානයකින් පිදුම් ලැබූ, ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ක්‍රීඩකයා පිළිගැනීමේ විශේෂ උත්සවයක් අද (22) හොරණ නගරයේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
හල්තොට ප්‍රදේශයේ පදිංචි මෙම දක්ෂ ක්‍රීඩකයා, ප්‍රවීණ ක්‍රීඩකයෙකු වන තුෂාර ප්‍රේමකීර්ති මහතාගේ පුත්‍රයායි.
ජයග්‍රහණ රැසක් රටට දායාද කරමින් මව්බිමට පැමිණි රුමේෂ් තරංග ක්‍රීඩකයාව බණ්ඩාරගම, ගැලණිගම අධිවේගී පිවිසුමේ සිට දර්ශනීය රිය පෙරහැරකින් පානදුර - රත්නපුර මාර්ගය ඔස්සේ හොරණ නගරය වෙත උත්කර්ෂවත් අයුරින් කැඳවාගෙන ඒමට කටයුතු කර තිබුණා.
මෙම විශේෂ පිළිගැනීමේ උත්සව අවස්ථාව සඳහා හොරණ නගර සභාවේ සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරි, ලේකම් අචිනි ගයන්ති, හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා, උප පොලිස් පරීක්ෂක විමල් ආනන්ද, හොරණ එක්සත් ක්‍රීඩා සමාජයේ සභාපති වයි. ලලිත් ඇතුළු ඇතුළු නිලධාරීන් මෙන්ම ක්‍රීඩකයාගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
Latest News
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමු වෙයි
Local
22 June 2026
ග්‍රාම නිලධාරී වසම් 600ක ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
22 June 2026
ඩෙංගු මර්දනයට ජූනි 24 සිට තෙදින ජාතික වැඩසටහනක්
Local
22 June 2026
වෙළෙඳ කටයුතු පහසු කරන National Single Window ජූලි අග සිට ක්‍රියාත්මකයි
Local
22 June 2026
රන් සම්මාන තුනක් දිනූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගට හොරණදී උණුසුම් පිළිගැනීමක්
Local
22 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට සංවිධානාත්මක අපරාධ මර්දන පනතක් - ජනපති
Local
22 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තෙල් වෙළඳාම සඳහා පොදු බලපත්‍රයක්
Local
22 June 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවට අමෙරිකාවෙන් රුපියල් බිලියන 1.2ක උසස් චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
Local
22 June 2026
2026 උසස් පෙළ උත්තරපත්‍ර ඇගයීම් අයැදුම්පත් කැඳවීම ජූනි 26 දක්වා දීර්ඝ කෙරේ
Local
22 June 2026
ප්‍රතිභා සම්පන්න භූමි සැලසුම් සංකල්පයෙන් හෙබි සුවිශේෂී කඩුවෙල නගර මධ්‍යයෙන් අභිනවයෙන් කරළියට පැමිණෙන නවතම නිවාස ව්‍යාපෘතිය, පෙර-විකිණුම් නිවාස වෙන්කරවා ගැනීමේ ශීඝ්‍රයෙන් ඉහළ යන ඉල්ලුමත් සමඟ සාර්ථකත්වයේ අරුණළු සනිටුහන් කරයි
Local
22 June 2026