General27 June 2026

NDB බැංකුවේ සැක ගණුදෙනුවෙන් සිදුවූ පාඩුව බිලියන 13.5ක් බවට ඉන්දීය Deloitte ආයතනයෙන් තහවුරු කරයි

ජාතික සංවර්ධන බැංකුව (NDB) තුළ සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන වෝහාරික සමාලෝචනයක (Forensic Review) අතුරු වාර්තාවක් එම බැංකුව වෙත ලැබී ඇති බව ඔවුන් නිවේදනය කරනවා.

ඒ අනුව මෙම විගණන කටයුතු සිදු කරනු ලබන්නේ 'ඩෙලොයිට් ටූෂ් ටෝමාට්සු ඉන්දියා' (Deloitte Touche Tohmatsu India LLP) ආයතනය විසින් වන අතර එම වාර්තාවේ සඳහන් කරුණු, මූලික සහ දර්ශක මට්ටමේ පවතින බවත්, වාර්තාවේ රහස්‍යභාවය ගිවිසුම අනුව සුරකින බවත් NDB බැංකුව අදාළ නිවේදනය හරහා පවසනවා.

කෙසේ වෙතත්, මේ දක්වා සිදුකර ඇති පරීක්ෂණ අනුව, අදාළ සැකකටයුතු ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් 13,579,664,684/- (රුපියල් බිලියන 13.5කට අධික) ක් බවත් එම බැංකුව හෙළිදරව් කරනවා.

මෙම සිදුවීමට අදාළව NDB බැංකුව විසින් මීට පෙර අප්‍රේල් 2, 6 සහ 23 යන දිනවලදී ද කොටස් වෙළඳපොළට තොරතුරු වාර්තා කර තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය පරිදි වැඩිදුර තොරතුරු ලබා දෙන බවයි NDB බැංකුව අදාළ නිවේදනය හරහා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes