International27 June 2026

ඉරානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය බහරේනය දැඩි ලෙස හෙළා දකී

අද අලුයම් කාලයේදී ඉරානය විසින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් බහරේනය දැඩි ලෙස නොසන්සුන්කාරී තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම බහරේනයේ ස්වෛරීභාවය සහ ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බව පවසමින් බහරේන විදේශ අමාත්‍යාංශය එය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.

දේශීය සිවිල් වැසියන් දැඩි අවදානමකට ලක් කරමින් සහ කලාපීය සාම සාධක ප්‍රයත්නයන් අඩපණ කරමින් මෙම ඩ්‍රෝන යානා බහරේන දේශසීමාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes