General28 June 2026

පොහොයට මස් විකුණන්න ගිය ගව ඝාතකාගාරයක් වටලයි

පෙසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අද සහ හෙට ගව ඝාතකාගාර වසා දමා ඇති පසුබිමක ගව මස් අලෙවි කිරීමට සූදානමක් තිබූ ගව ඝාතකාගාරයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මඟින් වටලා තිබෙනවා.

රාගම, මහාබාගේ ප්‍රදේශයේ තිබූ මෙම ගව ඝාතකාගාරය වටලා ඇති අතර එහි තිබී මීගවයින්ගේ හිස්කබල්, ඇට කටු සහ පරිභෝජනයට ගත නොහැකි කොටස් ඉවත් කළ පසු කිලෝ ග්‍රෑම් 5,000කට අධික බරින් යුතු මස් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණයවී ඇත්තේ හෙටට යෙදී ඇති පොසොන් පොහොය නිමිත්තෙන් ගව ඝාතකාගාර වසා දමා ඇති බැවින් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල හෝටල් සහ ආපනශාලා වෙත ගව මස් අලෙවි කිරීම සඳහා එම මී ගවයින් ඝාතනය කර ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes