General29 June 2026

වැල්ලවායේ දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය නගර ආසන්නයේ සිදු කල වැටලීකමදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු බවයි පොලිසීය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes