General29 June 2026

තිරප්පනේ කාර්මික සේවා දන්සැලක්

තිරප්පනේ කාර්මික ශිල්පීන් එකතු වී හත් වන වරටත් සංවිධානය කරනු ලැබූ කාර්මික සේවා දන්සල අද පෙරවරු 8.00 ට ආරම්භ වී තිබෙනවා.

අනුරාධපුරය, මිහින්තලය, තන්තිරිමලය පුදබිම් වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ ආපදාවට ලක්වන රථවාහන යථා තත්ත්වයට පත් කිරීම මෙම කාර්මික සේවා දන්සලෙන් සිදු කෙරෙන බවයි වර්තා වන්නේ.

මෙවර විශේෂත්වය වන්නේ ඕනෑම ප්‍රදේශයක ආපදාවට ලක්වන රථයක් මෙම දන්සල වෙත රැගෙන ඒම සඳහා ආපදා රථයක්ද වෙන් කර තිබීම බවයි වර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes