පානීය ජල ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් ඉතා සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලූ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
දොම්පේ, කඩුවෙල, පොලිස් වසමේ සුදර්ශන පාර ප්‍රදේශයේදී ඊයේ (28) මෙම වැටලීම සිදුකර තිබූ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ.
ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම විසින් සිදු කරනු ලැබූ මෙම වැටලීමේදී, නීතිවිරෝධී මත්පැන් තොගයක් සහ නිෂ්පාදන උපකරණ රැසක් සමඟ මෙම සැකකරුවන් හයදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.
දේශීය මත්පැන් ලෙස ලේබල් කරන ලද මිලිලීටර් 180 බෝතල් 18,575ක් (මත්පැන් ලීටර් 3,345.5ක්), විදේශීය මත්පැන් ලෙස ලේබල් කරන ලද මිලිලීටර් 1000 බෝතල් 04ක්, මිලිලීටර් 750 නීතිවිරෝධී මත්පැන් බෝතලයක්, මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා මිලිලීටර් 750 එතනෝල් බෝතලයක්, කේරළ ගංජා ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 200ක්, නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කළ උපකරණ තොගයක් මෙලෙස පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.
පොලිසිය පැවසුවේ මෙම ජාවාරම පවත්වාගෙන ගිය සැකකරුවන් අවුරුදු 30, 43, 58, 59 සහ 62 යන වයස්වල පසුවන පිරිසක් බවයි.
ඔවුන් මිහින්තලය, මරදාන, වත්තල, වෑබඩ දකුණ, කඩුවෙල සහ සිප්පිකුලම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බවයි පොලිසිය සඳහන් කළේ.
මහජනතාව මුලා කරමින් පානීය ජල ව්‍යාපාරයක් ලෙස පෙන්වමින් මෙම මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් ජාලය මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
Latest News
ඩෙංගු රෝගීන් 53,000 ඉක්මවලා
Local
29 June 2026
ආෂික් නසීර් Muay Thai ඉතිහාසය වෙනස් කරයි: ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක්
Local
29 June 2026
පානීය ජල ව්‍යාපාරයක මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ හොර සුරා ජාවාරමක් වටලා 06ක් අත්අඩංගුවට
Local
29 June 2026
අධි ධාරිතා යතුරුපැදියක් සමග මත් ජාවාරම්කරුවෙක් කොටුවෙයි
Local
29 June 2026
රිය අනතුරුවලින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
Local
29 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලූකස් ට්රෙහෝගේ බිරිඳට, දියණියට සහ පුතුට දිවි අහිමි වෙයි
Local
29 June 2026
බදුල්ලේ ග්‍රීස් දන්සැල
Local
29 June 2026
නැදුන්ගමුවේ හස්තිරාජයා සහ සිරිපා අනුරූ ප්‍රදර්ශනයට
Local
29 June 2026
තිරප්පනේ කාර්මික සේවා දන්සැලක්
Local
29 June 2026
එක්සත් ජනපදය සහ ඉරානය ප්‍රහාර නතර කර කටාර්හිදී සාකච්ඡා කිරීමට එකඟ වෙයි
Local
29 June 2026