General29 June 2026

ඩෙංගු රෝගීන් 53,000 ඉක්මවලා

දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

එවන් පසුබිමක ගෙවුණු පැය 24 තුළදී පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 986 ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

ඒ අනුව, වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,159 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 31ක් ලෙසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 124 ක් තවදුරටත් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති බවයි.

කෙසේ වෙතත් වර්ධනය වන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය පාලනය කර ගැනීම රජයේ පමණක් නොව සෑම පුද්ගලයෙකුගේම වගකීමක් වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ප්‍රකාශ කළා.
Related recommendation
Hiru TV News | Programmes