General30 June 2026

බක්මිටියාව රක්ෂිතයේ ගසක බෙනයක ස්නයිපර් ගිනි අවියක්

දමන පොලිස් වසමට අයත් කංචිකුඩිආර, බක්මිටියාව රක්ෂිත ප්‍රදේශයේ ගසක් බෙනයක සඟවා තිබූ ‘ස්නයිපර්’ (Sniper) වර්ගයේ නවීන ගිනි අවියක් සහ පතරොම් තොගයක් තිරුක්කෝවිල් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (29) සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

තිරුක්කෝවිල් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව රක්ෂිතය පිරික්සීමේදී ස්නයිපර් වර්ගයේ ගිනි අවියක්, ඊට යොදන පතරොම් ගැබක් (Magazine) සහ පතරොම් 07ක් තිබී සොයාගෙන ති‍බෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගන්නා ලද මෙම ගිනි අවිය සහ පතරොම් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා දමන පොලිස් ස්ථානය වෙත භාර දී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

මෙම ගිනි අවිය කුමන අරමුණක් සඳහා රක්ෂිතය තුළ සඟවා තැබුවේද යන්න පිළිබඳව දමන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Related recommendation
Hiru TV News | Programmes