දමන පොලිස් වසමට අයත් කංචිකුඩිආර, බක්මිටියාව රක්ෂිත ප්‍රදේශයේ ගසක් බෙනයක සඟවා තිබූ ‘ස්නයිපර්’ (Sniper) වර්ගයේ නවීන ගිනි අවියක් සහ පතරොම් තොගයක් තිරුක්කෝවිල් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (29) සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
තිරුක්කෝවිල් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව රක්ෂිතය පිරික්සීමේදී ස්නයිපර් වර්ගයේ ගිනි අවියක්, ඊට යොදන පතරොම් ගැබක් (Magazine) සහ පතරොම් 07ක් තිබී සොයාගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගන්නා ලද මෙම ගිනි අවිය සහ පතරොම් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා දමන පොලිස් ස්ථානය වෙත භාර දී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
මෙම ගිනි අවිය කුමන අරමුණක් සඳහා රක්ෂිතය තුළ සඟවා තැබුවේද යන්න පිළිබඳව දමන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
Latest News
නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කෙරේ
Local
30 June 2026
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප
Local
30 June 2026
උද්ධමනය මැයි 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා ඉහළට
Local
30 June 2026
පළාත් රැසකට තද සුළං
Local
30 June 2026
මිස්ට කොත්තුට ඇප
Local
30 June 2026
බක්මිටියාව රක්ෂිතයේ ගසක බෙනයක ස්නයිපර් ගිනි අවියක්
Local
30 June 2026
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට
Local
30 June 2026
අධිබලැති යතුරුපැදි පහක් අතුරුගිරියෙන් අල්ලයි
Local
30 June 2026
මිස්ට කොත්තු අත්අඩංගුවට
Local
30 June 2026
දඩ මුදලකින් තොරව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සහන කාලයක්
Local
30 June 2026