කොච්චිකඩේ පොලිස් වසමට අයත් මාඔයේ පිහිනමින් සිටි තරුණයෙක් ඊයේ (30) දියේ ගිලී අතුරුදන්ව ඇතැයි කොච්චිකඩේ පොලීසිය පවසනවා.
මාඔයේ පිහිනමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බවට කොච්චිකඩේ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කටයුතු අරඹා තිබුණා.
මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ යෝගියාන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 27ක් වූ තරුණයෙක්.
පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අතුරුදන් වූ තරුණයා තවත් පිරිසක් සමඟ මාඔයට පැමිණ පිහිනමින් සිටියදී මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි.
අතුරුදන් වූ තරුණයා සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් නිලධාරීන්ගේ ද සහය ඇතිව කොච්චිකඩේ පොලිසිය මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
Latest News
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 19.58කින් පහළට
Local
01 July 2026
සුරේෂ් සලේගේ දුරකථනයේ සහ පරිගණකයේ මුරපද සීඅයිඩීයට දෙන්න: අධිකරණයෙන් නියෝග
Local
01 July 2026
බස් ගාස්තු ඉහළට: කැබිනට් ප්‍රකාශක
Local
01 July 2026
බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය
Local
01 July 2026
''තවමත් රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පවතින්නේ අවදානම් මට්ටමක'' - ජාතික ඩෙංගු මර්දන ඒකකය
Local
01 July 2026
යුරෝපයේ දැඩි උණුසුමෙන් ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ මරණ 2,000 ඉක්මවයි
Local
01 July 2026
යහළුවන් සමඟ මාඔයේ පිහිනන්න ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන්:
Local
01 July 2026
ඩෙංගු අවධානම හේතුවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
Local
01 July 2026
ආහාර දෙන්න ගිය අයෙකුට හීලෑ අලියෙක් පහර දී මරා දාලා
Local
01 July 2026
"අවුරුදු 2න් අපිට බනිනවා.. අපිට ලැබුණේ මැජික් පොල්ලක් නෙවෙයි.. බංකොළොත් භාණ්ඩාගාරයක්.." - ඇමති වසන්ත
Local
01 July 2026