General01 July 2026

යහළුවන් සමඟ මාඔයේ පිහිනන්න ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන්:

කොච්චිකඩේ පොලිස් වසමට අයත් මාඔයේ පිහිනමින් සිටි තරුණයෙක් ඊයේ (30) දියේ ගිලී අතුරුදන්ව ඇතැයි කොච්චිකඩේ පොලීසිය පවසනවා.

මාඔයේ පිහිනමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්ව ඇති බවට කොච්චිකඩේ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කටයුතු අරඹා තිබුණා.

මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ යෝගියාන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 27ක් වූ තරුණයෙක්.

පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අතුරුදන් වූ තරුණයා තවත් පිරිසක් සමඟ මාඔයට පැමිණ පිහිනමින් සිටියදී මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන් වූ තරුණයා සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් නිලධාරීන්ගේ ද සහය ඇතිව කොච්චිකඩේ පොලිසිය මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes