General01 July 2026

ජූලි 06 සිට අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළට

ජුලි 06 සිට අවම ගාස්තුව රුපියල් 34 දක්වා බස් ගාස්තු වැඩිවීම සඳහා ගමනාගමන කොමිසම සමග එකඟත්වයකට පැමිණි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

ඒ අනුව, කිලෝමීටර් 100 දක්වා සියයට 12ක සහ ඊට වැඩි සියයට 20ක ගාස්තු වැඩිවීමක් සඳහාත් එකඟත්වයකට පැමිණි බවයි ඔහු සඳහන් කළේ.

මෙම ගාස්තු සාමාන්‍ය සේවාව සහ සුඛෝපභෝගී සේවාවන් සඳහා වලංගුව වන බව ඔහු සඳහන් කළා.

එසේම අර්ධ සහ අධි සුඛෝපභෝගී සේවාවක් ඉදිරියේදී නොමැති බවයි සභාපතිවරයා පැවසුවේ.
Related recommendation
Hiru TV News | Programmes