General01 July 2026

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කර තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පස්වරුවේදීයි භාර දී ඇත්තේ.

ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ආයතනික කටයුතු) ලෙස ද කටයුතු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes