General01 July 2026

හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය

බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වූ හොරණ දිස්ත්‍රික් මහ රෝහල, එහි සියලුම භෞතික හා මූල්‍ය වත්කම් ඇතුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල (කැබිනට්) අනුමැතිය හිමිව තිබෙනවා.

මූලික රෝහලක් ලෙස පැවැති හොරණ රෝහල ඉකුත් 2022 ජූනි මස 03 වන දින දිස්ත්‍රික් මහ රෝහලක් දක්වා උසස් කරන ලද අතර, මේ වන විට එහි මුළු ඇඳන් ධාරිතාවය 544ක්.

රෝහලේ අනුමත කාර්ය මණ්ඩලය 739ක් වන අතර හොරණ ප්‍රදේශය මෙන්ම ඒ අවට කළුතර, කොළඹ සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශ ද ආවරණය වන පරිදි මධ්‍යගතව පිහිටි මෙම රෝහල මඟින් ආසන්න වශයෙන් ලක්ෂ දහයක (1,000,000) පමණ ජනගහනයකට සෞඛ්‍ය සේවා සපයනු ලබන බවයි වාර්තා වන්නේ.

දිස්ත්‍රික් මහ රෝහලක් ලෙස කෘතීයික සත්කාර සේවා (Tertiary Care Services) සැපයීම සඳහා රෝහලේ අදාළ පහසුකම් සහ මානව සම්පත තවදුරටත් ඉහළ නැංවීමේ අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින්, මෙම රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබුණා.

මෙම පවරා ගැනීමේ කටයුත්ත සඳහා බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවරයාගේ ද එකඟතාවය ලැබී ඇති අතර, ඒ අනුව ඉදිරියේදී රෝහලේ සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes