General01 July 2026

ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වෙයි

මෙරට කලා ක්ෂේත්‍රයට කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළ ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 84ක්.

මහාචාර්ය එදිරිවීර සරත් චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමාරයාගේ චරිතය නිරූපණය කරමින් රසිකයන් අතර ජනප්‍රියත්වයට පත්වූ ඔහු ලූෂන් බුලත්සිංහයන්ගේ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ මුල් නිෂ්පාදනයට මෙන්ම පසු නිෂ්පාදනයට ද දායක වූ කලාකරුවෙක්.

ඔහුගේ මුල්ම වේදිකා නාට්‍යය මුහුදු පුත්තු නාට්‍යය වන අතර ටෙලි නාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රයට ද ඔහුගේ දායකත්වය හිමිවුණා.

රසිකයන් අතර අතිශය ජනප්‍රිය සෝබාව දේ මෙපුර සිරි විසිතුරු ගීතය ඔහු පිළිබඳ නිරන්තර මතකය අවදි කරන්නක්.
Related recommendation
Hiru TV News | Programmes