General01 July 2026

නාවික හමුදා උත්තමාචාර මැද 26 වන නාවික හමුදාපති විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාපති වශයෙන් කටයුතු කළ අද්මිරාල් කාංචන බානගොඩ සිය වසර 36කට අධික දීර්ඝ සේවා කාලය අවසන් කරමින් අද (01) නාවික හමුදා සේවයෙන් නිල වශයෙන් විශ්‍රාම ලැබු බව නාවික හමුදාව පවසනවා.

අද්මිරාල් කාංචන බානගොඩ 2024 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දින සිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාපතිවරයා වශයෙන් රාජකාරි කටයුතු සිදුකරනු ලැබුවා.

විශ්‍රාම ලැබීමේ නාවික හමුදා සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අද (01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණා.

එහිදී ඔහු විසින් නාවික හමුදාපති ධූරයේ නිල රාජකාරීන් අභිනව නාවික හමුදාධිපති වශයෙන් පත් වූ වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත නිල වශයෙන් භාරදීම සිදු කෙරුණු බවයි නාවික හමුදාව පැවසුවේ.

ඉන් අනතුරුව නාවික හමුදා සම්ප්‍රදායානුකූල විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද කරනු ලැබුවා.

අභිනව නාවික හමුදාපතිවරයා ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සමුදීමෙන් අනතුරුව, විශ්‍රාමලත් 26 වන නාවික හමුදාපතිවරයා නාවික හමුදා රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටත්ව ගියා.

හෙතෙම පිටව යන මොහොතේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සිය සුභාශිංසන පිරිනැමීම සිදුකළා.
Related recommendation
Hiru TV News | Programmes