ධාවනය සඳහා බලවේග කට්ටලයක් (Power Set) නොමැති වීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමන් වාර දෙකක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි, දිනපතා පස්වරු 04.00 ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ දුම්රිය සහ පෙරවරු 05.55 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය මෙලෙස අවලංගු කර තිබෙනවා.
මෙම දුම්රිය ගමන් වාර දෙක ධාවනය කරවීම සඳහා බලවේග කට්ටලයක් නොමැති වීම මෙම තීරණයට හේතුවී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර සඳහන් කළේ.
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ මෑත කාලයේදී දිගින් දිගටම මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු වීම් වාර්තා වීම දැන් සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙමින් පවතින එකක් බවත්, මෙලෙස දිනපතා ධාවනය වන දුම්රිය ගමන් වාර එකවරම අවලංගු කිරීම හේතුවෙන් කැළණිවැලි මාර්ගය භාවිත කරන දෛනික මගී ජනතාව දැඩි පීඩාවකට සහ අපහසුතාවයකට ලක්ව සිටින බවත් එම නිවේදනයේ සඳහන්.
Latest News
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු රාජකාරී අරඹයි
Local
01 July 2026
බලවේග කට්ටලයක් නැතිව කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගුයි:
Local
01 July 2026
ලබන වසර සඳහා තෝරාගත් සිසුන්ට සහ සීලමාතාවන්ට පාවහන් ලබාදීමේ වැඩසටහනට අනුමැතිය
Local
01 July 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කෙරේ
Local
01 July 2026
නාවික හමුදා උත්තමාචාර මැද 26 වන නාවික හමුදාපති විශ්‍රාම ලබයි
Local
01 July 2026
ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වෙයි
Local
01 July 2026
මෙම මාසයේ සිට හදිසි නීතිය දීර්ඝ නොකෙරේ: කැබිනට් ප්‍රකාශක
Local
01 July 2026
හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
01 July 2026
ජූලි 06 සිට අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළට
Local
01 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 19.58කින් පහළට
Local
01 July 2026