General01 July 2026

බලවේග කට්ටලයක් නැතිව කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගුයි:

ධාවනය සඳහා බලවේග කට්ටලයක් (Power Set) නොමැති වීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමන් වාර දෙකක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද (01) දින සිට ක්‍රියාත්මක වන පරිදි, දිනපතා පස්වරු 04.00 ට කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ දුම්රිය සහ පෙරවරු 05.55 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය මෙලෙස අවලංගු කර තිබෙනවා.

මෙම දුම්රිය ගමන් වාර දෙක ධාවනය කරවීම සඳහා බලවේග කට්ටලයක් නොමැති වීම මෙම තීරණයට හේතුවී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර සඳහන් කළේ.

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ මෑත කාලයේදී දිගින් දිගටම මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු වීම් වාර්තා වීම දැන් සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙමින් පවතින එකක් බවත්, මෙලෙස දිනපතා ධාවනය වන දුම්රිය ගමන් වාර එකවරම අවලංගු කිරීම හේතුවෙන් කැළණිවැලි මාර්ගය භාවිත කරන දෛනික මගී ජනතාව දැඩි පීඩාවකට සහ අපහසුතාවයකට ලක්ව සිටින බවත් එම නිවේදනයේ සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes