General03 July 2026

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහගේ නඩුව පස්වරු 2.00ට නැවත කැඳවයි

සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් වසන්ත කුමාර අබේසිංහගේ සහ සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ වරුෂහැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අයට එරෙහි නඩුව අද (3) පස්වරු 2.00ට නැවත කැඳවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මීට සුළු මොහොතකට පෙර නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී පළමු සැකකරුට පෙනි සිටින ජ්‍යෙෂ්ඨ නීතීඥ අසෝක වීරසුරිය ඉහළ අධිකරණයේ නඩුවකට පෙනි සිටින බැවින් නඩුව පසුව ගන්න ලෙස නීතීඥ සංජය මාරඹේ අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව නඩුව දහවල් 2.00කට කැඳවිමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes