International04 July 2026

ඝානාව පරදා කොලොම්බියාවට ජය

පාපන්දු තරගාවලියේ තීරණාත්මක 32 දෙනාගේ වටයේ තරගයේදී ඝානා කණ්ඩායම 1-0ක් ලෙස පරාජයට පත් කරමින් සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට කොලොම්බියාව සමත් වුණා.

අමෙරිකාවේ මිසූරි හි කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තීරණාත්මක තරගයේ මුල් භාගයේදීම කොලොම්බියාව සිය ආධිපත්‍යය තහවුරු කරගත්තා.

තරගයේ 14 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ කොලොම්බියානු මැදපෙළ ක්‍රීඩක ජෝන් ආරියස් (Jhon Arias), ලුයිස් ඩයස් ලබාදුන් දක්ෂ පන්දු යොමු කිරීමක් මනාව ප්‍රයෝජනයට ගනිමින් තරගයේ පළමු සහ එකම ගෝලය වාර්තා කළා.

මෙම ජයග්‍රහණයත් සමග කොලොම්බියාව ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි වටයට සුදුසුකම් ලබාගත් අතර, ඝානා කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදු වුණා.
Related recommendation
Hiru TV News | Programmes