පෑලියගොඩ ප්‍රදේශයේ ගබඩාවක කල් ඉකුත් වූ සීනි නැවත අලුත් ඇසුරුම්වල බහා වෙළඳපොළට නිකුත් කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ පාරිභෝගික සේවා අධිකාරිය එක්ව සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී අද (06) දින වටලා ඇත.
මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම සීනි තොගය සමඟ එම ගබඩාවේ කළමණාකරුද පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකාය විසින් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ වෙත ලබාදෙන ලද රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.
පෑලියගොඩ, පෙතියාගොඩ, ප්‍රදේශයේ පිහිටි ගබඩා සංකීර්ණයක් තුළ පවත්වාගෙන යන ආයතනයක් විසින් මෙම සීනි තොගය එහි ගබඩා කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මෙම ආයතනය විසින් කල් ඉකුත් වූ සීනි නව ඇසුරුම්වල බහා, ඒවායේ කල් ඉකුත් වීමේ දිනය සහ වෙළඳ නාමය වෙනස් කරමින් වෙළඳපොළට නිකුත් කර ඇති බවට හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.
එමෙන්ම එහි තිබූ ඉතා දුර්වර්ණ වූ සීනි තොග නීති විරෝධී කසිප්පු නිෂ්පාදනය සඳහා විකිණීම සිදුකර ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක වූ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අදාල ගබඩාව වහාම ක්‍රියාත්මක වන පරිදි මුද්‍රා තැබීමට කටයුතු කර තිබෙනවා.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගලගේ නියෝග පරිදි මෙම වැටලීම සිදු කෙරුණා.
එම බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත, පොලිස් පරීක්ෂක ජනිත කුමාර, උප පොලිස් පරීක්ෂක මධුෂාන්, පොලිස් සැරයන්වරුන් වන 34950 සම්පත්, 71032 දිනේෂ්, පොලිස් කොස්තාපල්වරුන් වන 39850 අෂාන්, 91305 රශ්මික, 104327 දිල්ශාන්, 104643 සේනාරත්න, 104792 අබේකෝන්, පොලිස් කොස්තාපල් රියැදුරු 94735 මධුසංක සහ 105529 සිල්වා යන නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.
Latest News
මීගමුවේ රැඳවියන් 650ක් වෙනත් බන්ධනාගාර 3කට මාරු කෙරේ
Local
06 July 2026
වී මිල ගැන ප්‍රශ්ණ කරන්න ගිය හිරුට, ඇමති වසන්ත බියවෙයි
Local
06 July 2026
මහනුවර ඩෙංගු අධි අවදානමක: කසළ දමන්නන්ට එරෙහිව දැඩි නීති!
Local
06 July 2026
පෑලියගොඩ මහා පරිමාණ සීනි ජාවාරමක් වටලයි: කල් ඉකුත් වූ සීනි අලුත් කර වෙළඳපොළට දීලා
Local
06 July 2026
බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් මිය ගිය පිරිස 26 දක්වා ඉහළට
Local
06 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම ගැන සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරේ
Local
06 July 2026
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයාට ඇප
Local
06 July 2026
සත්ත්ව ආහාර සඳහා වී සහ සහල් භාවිත කිරීමේ තහනම ඉවතට
Local
06 July 2026
බන්ධනාගාරයේ සිද්ධිය ගැන අධිකරණ අමාත්‍යවරයා වගකීම භාරගනී
Local
06 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලැබූ නිලධාරින් සහ රැඳවියන් 18ක් කොළඹ සහ ගම්පහ රෝහල්වලට
Local
06 July 2026