General06 July 2026

මීගමුවේ රැඳවියන් 650ක් වෙනත් බන්ධනාගාර 3කට මාරු කෙරේ

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී සිද්ධියෙන් අනතුරුව එහි රැඳවුම් භාරයේ සිටි රැඳවියන් 650 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව, එම රැඳවියන් පිරිස, දුම්බර, අනුරාධපුර සහ අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාර වෙත මාරු කර යවා තිබෙනවා.

එමෙන්ම, මීගමුව බන්ධනාගාරයේ ඊයේ පස්වරුවේ සිට ඇති වූ නොසන්සුන්තාවයෙන් මිය ගිය පිරිස 26 දක්වා ඉහළ ගිය අතර, එම පිරිස සඳහා බන්ධනාගාර නිලධාරින් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු ඇතුළත් වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes