International07 July 2026

ඔස්ට්‍රේලියාව සහ ෆීජි රාජ්‍යය අතර නව ආරක්ෂක ගිවිසුමක්

පැසිෆික් කලාපයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් චීනය සතු බලපෑම සීමා කිරීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාව සහ ෆීජි රාජ්‍යය අතර නව ආරක්ෂක සන්ධානයක් පිහිටුවා තිබෙනවා.

මෙම සන්ධානය ඉදිරියේදී කලාපයේ සෙසු රටවල් දක්වා ව්‍යාප්ත කිරීමේ හැකියාවද පවතිනවා.

දේශපාලන විශ්ලේෂකයන් අපේක්ෂා කළ මට්ටමටත් වඩා ඔබ්බට ගිය ‘සාමයේ සාගරය’ (Ocean of Peace) නම් වූ මෙම ආරක්ෂක ගිවිසුම හරහා, අමෙරිකා එක්සත් ජනපදය, නවසීලන්තය සහ පැපුවා නිව්ගිනියාවෙන් පසු ඔස්ට්‍රේලියාවේ සිව්වන නිල ආරක්ෂක මිත්‍ර රට බවට ෆීජි රාජ්‍යය පත්වෙනවා.

ඉදිරි දශකය තුළ ඔස්ට්‍රේලියාවෙන් ලැබෙන ඩොලර් බිලියනයක මූල්‍ය ප්‍රතිපාදන සහිත මෙම සන්ධානයට සහ ආර්ථික, දේශගුණික, සෞඛ්‍ය මෙන්ම සංක්‍රමණික ක්ෂේත්‍ර ආවරණය වන වෙනම Vuvale Union ගිවිසුමට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ ෆීජි අග්‍රාමාත්‍ය සිටිවේනි රබුකා විසින් ෆීජි අගනුවර වන සුවා හිදී අත්සන් තබා තිබෙනවා.

මෙම ඓතිහාසික ගිවිසුම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පැය කිහිපයකට පෙර, චීනය විසින් පැසිෆික් සාගර කලාපයට අනුකරණ යුධ ශීර්ෂයක් සහිත න්‍යෂ්ටික බලය රැගෙන යා හැකි දිගු දුර මිසයිලයක් අත්හදා බැලූ බව නිවේදනය කළා.

චීනයේ මෙම පියවර ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු අනෙකුත් රටවල දැඩි විවේචනයට ලක්වුණා.

දෙරටටම අන්‍යෝන්‍ය ආරක්ෂක බැඳීම් පැවරෙන ඔස්ට්‍රේලියාව සහ ෆීජි අතර මෙම ‘සාමයේ සාගරය’ සන්ධානය, තමන්ගේම කියා හමුදාවක් සතු සෙසු පැසිෆික් කලාපීය රටවල් තුන වන ටොන්ගා, පැපුවා නිව්ගිනියාව සහ නවසීලන්තය සඳහා ද විවෘත වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
Related recommendation
Hiru TV News | Programmes