නුවරඑළිය ප්‍රදේශයේදී භෞතචිකිත්සකවරියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ සහ ඊට සහයෝගය දුන් බව කියන මැණික්හින්න පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු සිව්දෙනා ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළා.
මෙලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ඝාතනයේ ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ, සැකකරුට සහයෝගය ලබා දුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියැදුරා සහ මැණික්හින්න පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සිව්දෙනායි.
බන්ධනාගාර නිලධාරීන් විසින් මොවුන්ව අද (09) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නුවරඑළිය පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ, මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ රුධිර සාම්පලයක් ලබාගැනීමට අවශ්‍ය බැවින් ඔහුව විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
ඒ අනුව මහේස්ත්‍රාත්වරිය විසින් කරන ලද නියෝගයකට අනුව, බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සහ පොලිස් නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ ප්‍රධාන සැකකරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරුණා.
එහිදී රුධිර සාම්පල ලබාදීමෙන් අනතුරුව සැකකරුවන් සිව්දෙනා යළිත් මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම රිමාන්ඩ් නියෝගය පනවනු ලැබුවා.
Latest News
රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700කට අධික මුදලක් වංචා කළ පුද්ගලයා යළිත් රිමාන්ඩ්
Local
09 July 2026
බාවි තායිවානයට - අවදානයෙන් සිටින්නැයි උපදෙස්
Local
09 July 2026
ගෙවුණු සතිය තුළ ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 50කට ලක්ෂ හයක දඩ
Local
09 July 2026
''ගොවි ජනතාව අන්ත අසරණයි- ආණ්ඩුව දෙන්නේ පැලැස්තර විසඳුම්'' - මන්ත්‍රී රෝහණ බණ්ඩාර
Local
09 July 2026
නුවරඑළිය භෞතචිකිත්සකවරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු, හිටපු OIC ඇතුළු සිව්දෙනා 16 දක්වා යළි රිමාන්ඩ්
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරය රැඳවියන්ට නුසුදුසු බව බන්ධනාගාර පරිපාලනය තීරණය කරයි
Local
09 July 2026
ඉන්දුනීසියාවට බ්‍රාමෝස් සහ ඇස්ට්‍රා මිසයිල සැපයීමට ඉන්දියාව සැරසෙයි: ඩොලර් මිලියන 630ක දැවැන්ත ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම්
Local
09 July 2026
දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට තද සුළං - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
Local
09 July 2026
මීගමුවේ සිදුවූ සියලු ආකාරයේ ප්රචණ්ඩ ක්‍රියා හෙළා දකිනවා: ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Local
09 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ මහා පරිමාණ වංචා සෙවීමට ලැප්ටොප් සහ ජංගම දුරකථන 41ක් අත්අඩංගුවට
Local
09 July 2026