ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙදින ඉන්දුනීසියානු සංචාරය ආරම්භ වනවිට ඉන්දුනීසියාවට ‘බ්‍රාමෝස්’ (BrahMos) සුපර්සොනික් කෲස් මිසයිල සහ ‘ඇස්ට්‍රා’ (Astra) ගුවන් ඉලක්ක නාශක මිසයිල සැපයීමට ඉන්දියාව පියවර ගන්නා බව ඉන්දීය රජයේ නිලධාරියෙක් අඟහරුවාදා ප්‍රකාශ කළා.
ඇමරිකානු ඩොලර් මිලියන 630ක් පමණ වටිනා මෙම ආරක්ෂක ගිවිසුම අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම සංචාරය අතරතුරදී අත්සන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ඉන්දීය ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මීට පෙර වාර්තා කර තිබුණා.
BrahMos Aerospace පෞද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම මිසයිල මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගත වන ලොව තුන්වැනි රට බවට මින් ඉන්දුනීසියාව පත්වනු ඇති.
ඉන්දු-පැසිෆික් කලාපයේ බලය තහවුරු කරගැනීම සඳහා චීනය සමග පවතින තරගකාරීත්වය හමුවේ, අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකය හිමි ඉන්දුනීසියාව සමග උපායමාර්ගික සබඳතා ශක්තිමත් කරගැනීමටත්, ඉන්දියාවේ ආරක්ෂක අපනයන ක්ෂේත්රය විශාල ලෙස ප්‍රසාරණය කරගැනීමටත් මෙම ගිවිසුම මඟින් අවස්ථාව සැලසෙනවා.
ඉන්දියාව සහ රුසියාව ඒකාබද්ධව නිපදවන ලද බ්‍රාමෝස් මිසයිල, ලොව වේගවත්ම කෲස් මිසයිල අතරින් එකක් වන අතර ඒවා ගොඩබිම, මුහුද මෙන්ම ගුවන් යානා මගින් ද දියත් කිරීමේ හැකියාව පවතිනවා.
එමෙන්ම, ‘ඇස්ට්‍රා’ ගුවන් ඉලක්ක නාශක මිසයිල ඉන්දුනීසියානු ගුවන් හමුදාව සතු රුසියාවේ නිෂ්පාදිත ‘සුකෝයි’ ප්‍රහාරක ජෙට් යානා සමග සම්බන්ධ කර භාවිත කිරීමට ද හැකියාව තියෙනවා.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් ඉල්ලා මීට පෙර යොමු කළ විද්‍යුත් ලිපි සඳහා ඉන්දීය රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති අතර, නවදිල්ලි නුවර පිහිටි ඉන්දුනීසියානු තානාපති කාර්යාලය ද මේ පිළිබඳව වහාම අදහස් දැක්වීමෙන් වැළකී සිටියා.

Latest News
රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 700කට අධික මුදලක් වංචා කළ පුද්ගලයා යළිත් රිමාන්ඩ්
Local
09 July 2026
බාවි තායිවානයට - අවදානයෙන් සිටින්නැයි උපදෙස්
Local
09 July 2026
ගෙවුණු සතිය තුළ ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 50කට ලක්ෂ හයක දඩ
Local
09 July 2026
''ගොවි ජනතාව අන්ත අසරණයි- ආණ්ඩුව දෙන්නේ පැලැස්තර විසඳුම්'' - මන්ත්‍රී රෝහණ බණ්ඩාර
Local
09 July 2026
නුවරඑළිය භෞතචිකිත්සකවරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු, හිටපු OIC ඇතුළු සිව්දෙනා 16 දක්වා යළි රිමාන්ඩ්
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරය රැඳවියන්ට නුසුදුසු බව බන්ධනාගාර පරිපාලනය තීරණය කරයි
Local
09 July 2026
ඉන්දුනීසියාවට බ්‍රාමෝස් සහ ඇස්ට්‍රා මිසයිල සැපයීමට ඉන්දියාව සැරසෙයි: ඩොලර් මිලියන 630ක දැවැන්ත ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම්
Local
09 July 2026
දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට තද සුළං - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
Local
09 July 2026
මීගමුවේ සිදුවූ සියලු ආකාරයේ ප්රචණ්ඩ ක්‍රියා හෙළා දකිනවා: ශ්‍රී ලංකා නීතිඥ සංගමය
Local
09 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ මහා පරිමාණ වංචා සෙවීමට ලැප්ටොප් සහ ජංගම දුරකථන 41ක් අත්අඩංගුවට
Local
09 July 2026