General09 July 2026

ගෝඨාභයයේ පෙත්සම ලබන 23 තෙක් කල් තැබෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 23 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (09) නියෝග කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද (09) හතරවන දිනටත් සලකා බැලීම සිදු වුණා.

අද (09) පෙත්සම කැදවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් වැඩිදුරටත් කරුණු දැක්වීම සිදු කළා.
ඉන් අනතුරුව මෙම පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු දැක්විම ලබන 23 වැනිදා දක්වා කල් තැබුණා.
Related recommendation
Hiru TV News | Programmes