International09 July 2026

ඉරානයේ ඉලක්ක 90කට අමෙරිකාවෙන් ප්‍රහාර

අමෙරිකාව සහ ඉරානය අතර නැවත වරක් යුද උණුසුම තීව්‍ර වී ඇති පසුබිමක අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ දෙවන ප්‍රහාර මාලාවේදී එරට ඉලක්ක 90 කට පහර දී තිබෙනවා.

ඉරාන මාධ්‍ය වාර්තා කළේ එරට දකුණු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක පිපිරීම් හඬ ඇසුණු අතර, එම දින දෙක තුළ එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බවයි.

මේ අතර, අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානය විසින් කටාර්, කුවේට් සහ බහරේනයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබුණා.

මෙම ප්‍රහාර මධ්‍යයේ ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල තවමත් ඉහළ මට්ටමක පවතිනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78. 63 ක් ලෙස දැක්වුණු අතර ඩබ්ලිව් අයි ටී බොරතෙල් මිල ඩොලර් 74 ක් ලෙස සටහන් වුණා.
Related recommendation
Hiru TV News | Programmes