International09 July 2026

ඉරානයට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්

ඉරානය, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන වාණිජ නෞකාවලට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකානු හමුදා විසින් ඉරානයේ නාවික සහ මිලිටරි ඉලක්ක වෙත නව ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළා.

ඒ අනුව, ඉරානයේ නාවික සහ ගුවන් ආරක්ෂක හැකියාවන් දුර්වල කිරීමේ අරමුණින් අමෙරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය විසින් ඉරානයේ දකුණු වෙරළ තීරයේ ඉලක්ක කිහිපයකටම නව ප්‍රහාර මාලාවක් දියත් කර ඇති අතර, මෙම ප්‍රහාර හේතුවෙන් සිරික්, බුෂෙහර්, කෙනෙරක් සහ චබහාර් වැනි ප්‍රදේශවල පිපිරීම් වාර්තා වී තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes