කැනේඩියානු අභ්‍යවකාශගාමී ජෙරමි හැන්සන් (Jeremy Hansen) පසුගිය 2026 අප්‍රේල් මාසයේදී සාර්ථකව නිම කරන ලද 'ආටෙමිස් II' (Artemis II) චන්ද්‍ර මෙහෙයුමෙන් පසු එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට සිය පූර්ණකාලීන අභ්‍යවකාශගාමී වෘත්තියෙන් ඉවත් වන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
සිය තීරණය පිළිබඳව අදහස් දක්වමින් 50 හැවිරිදි කර්නල් ජෙරමි හැන්සන් පවසන්නේ, මෙය අභ්‍යවකාශ ක්ෂේත්රයෙන් මුළුමනින්ම ඉවත් වීමක් නොවන බවයි.
ඔහු රාජකීය කැනේඩියානු ගුවන් හමුදාවේ (RCAF) සාමාජිකයෙකු ලෙස ඉදිරියට කටයුතු කිරීමට නියමිතයි.
එමගින් කැනඩාවේ නැඟී එන අභ්‍යවකාශ ක්ෂේත්රයේ ප්‍රගතිය උදෙසා නව නිර්මාණශීලී ක්‍රමවේද ඔස්සේ සහයෝගය දැක්වීමට තමන්ට අවස්ථාව ලැබෙනු ඇති බව ඔහු විශ්වාස කරනවා.
ජෙරමි හැන්සන් වසර 32ක හමුදා සේවයකින් සහ වසර 17ක කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ (CSA) වෘත්තීය ජීවිතයකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
වසර 50කට වැඩි කාලයකට පසු මිනිසුන් රැගෙන සඳ ආසන්නයට ගිය ප්‍රථම මෙහෙයුම වූ ආටෙමිස් II සඳහා එක්වූ එකම ජාත්‍යන්තර (ඇමෙරිකානු නොවන) අභ්‍යවකාශගාමියා වූයේ හැන්සන්.
දින 10ක් පුරා පැවති මෙම සංචාරයේදී ඔරියන් (Orion) කැප්සියුලයේ ගමන් කළ ඔවුන්, මිනිසෙකු අභ්‍යවකාශයේ ගමන් කළ දුරම සීමාව (සැතපුම් 252,756ක් / කිලෝමීටර් 406,771ක්) පසුකරමින් නව ලෝක වාර්තාවක් ද පිහිටවූවා.
මෙහෙයුමේ අණදෙන නිලධාරී රීඩ් වයිස්මන් (Reid Wiseman), වික්ටර් ග්ලෝවර් (Victor Glover) සහ ක්‍රිස්ටිනා කොක් (Christina Koch) සමග හැන්සන් මෙම ගමනට එක් වුණා.
කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි (Mark Caey) ප්‍රකාශයක් නිකුත් කරමින් හැන්සන්ගේ විශිෂ්ට සේවය සහ සමස්ත කැනේඩියානුවන් එක්සත් කළ ඓතිහාසික සඳ තරණ මෙහෙයුම ඉහළින්ම අගය කර තිබෙනවා.
එසේම NASA පරිපාලක ජැරඩ් අයිසැක්මන් (Jared Isaacman) සඳහන් කළේ හැන්සන් සහ ආටෙමිස් II කණ්ඩායම සිය මෙහෙයුම ඉතා නිවැරදිව නිමවා ඇති බවයි.
ඔවුන් දැන් සිය ගවේෂණයේ ‘නිල පන්දම’ 2027 අගභාගයට සැලසුම් කර ඇති සඳ මතුපිටට මිනිසුන් රැගෙන යාමට නියමිත ඊළඟ 'ආටෙමිස් III'මෙහෙයුමේ සගයන් වෙත සාර්ථකව භාරදී ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

Latest News
ස්පාඤ්ඤයේ හටගත් ලැව්ගින්නකින් නිසා 12 දෙනෙක් මරුට
Local
10 July 2026
කතරගම දේවාලයේ ඇසළ පෙරහරට සමගාමීව සිදුකෙරෙන පාද යාත්‍රාව සඳහා කුමන ජාතික වනෝද්‍යානයේ දොරටු විවෘත කෙරේ
Local
10 July 2026
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් තුන්වන පාර්ශවයකට ගිය සිද්ධියේ මුදල් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට
Local
10 July 2026
ඉරාන හිටපු උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනිගේ දේහය මිහිදන් කෙරේ
Local
10 July 2026
ජනපති අනුර අතින් අද සිට තඹුත්තේගමට වතුර
Local
10 July 2026
පාම් බීච් ගුවන් තොටුපළ නිල වශයෙන් ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ නමින් නම් වේ
Local
10 July 2026
ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
Local
10 July 2026
සඳට ගිය ආටෙමිස්-2 මෙහෙයුමේ ජෙරමි හැන්සන් පූර්ණකාලීන අභ්‍යවකාශගාමී වෘත්තියෙන් සමුගනියි!
Local
10 July 2026
ට්‍රම්ප් ඝාතනයට ඉරානය හැදූ අලුත් කුමන්ත්‍රණයක් ගැන ඊශ්‍රායලය අමෙරිකාවට කියයි
Local
10 July 2026
ප්‍රදේශ කිහිපයකට අද වැසි
Local
10 July 2026