International10 July 2026

ඉරාන හිටපු උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනිගේ දේහය මිහිදන් කෙරේ

පසුගිය පෙබරවාරි 28 වැනිදා එල්ල වූ අමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ ඉරානයේ උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei)ගේ දේහය ඉරානයේ පූජනීයම නගරයක් වන මෂාඩ් (Mashhad) හි පිහිටි ඉමාම් රේසා සිද්ධස්ථානයේදී නිල වශයෙන් මිහිදන් කළ බව රොයිටර් (Reuters) පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

ආයතුල්ලා අලි කමේනිගේ සහ ඔහු සමඟ ප්‍රහාරයෙන් මියගිය පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකුගේ දේහයන් පසුගිය සතිය පුරා ඉරානයේ ටෙහෙරාන් සහ කොම් (Qom) නගරවල ද, ඉරාකයේ නජාෆ් සහ කර්බාලා යන පූජනීය නගරවල ද මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කෙරුණා.

ඊයේ (බ්‍රහස්පතින්දා) දින කමේනිගේ උපන්ගම වන මෂාඩ් නුවරට රැගෙන ආ දේහය, මිලියන සංඛ්‍යාත ජනකායකගේ සහභාගීත්වයෙන් යුතුව ඉමාම් රේසා සිද්ධස්ථාන පරිශ්‍රයේදී මිහිදන් කර තිබෙනවා.

කමේනිගේ වැඩිමහල් පුත් මොස්තෆා (Mostafa) විසින් අවසන් ආගමික වත්පිළිවෙත් මෙහෙයවනු ලැබුවා.
Related recommendation
Hiru TV News | Programmes