ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුලු දේපල ඉකුත් අරගල සමයේ විනාශයට පත් වීමෙන් අනතුරුව හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ වෙනුවෙන් රුපියල් 88,50000 ක වන්දි ලබා ගත් බව කියන සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුලු තිදෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම හමුවේ දැන්වුවා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම පවසා සිටියේ මෙම සැකකරුවන් තිදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළ බවයි.
ඒ අනුව මෙම සැකකරුවන්ට මෙම අධිකරණයේ තිබෙන නඩු කටයුත්ත අවසන් කරන ලෙසත් සැකකරුවන්ට මහාධිකරණයේ පෙනී සිටීමට නියෝග කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල නඩු කටයුතු අවසන් බවත් මහාධිකරණයේ පෙනී සිටින ලෙසට සැකකරුවන්ට නියෝග කළා.
සිද්ධියට අදාල පළමුවන සැකකරු වන හිටපු අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ සහ
හානි පූර්ණ කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් සහ හිටපු මහවැලි අධ්‍යක්ෂක කීර්ති බී කොටගල සහ හානි පුර්ණ කාර්යාලයේ (වැඩ බලන) හිටපු අධ්යක්ෂ ජනරාල් සමන් කුමාරි අධිකරණයේ පෙනී සිටියා.

Latest News
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 67.84කින් ඉහළට
Local
10 July 2026
බැඳුම්කර සිද්ධියේ නඩුවක් සැප්තැම්බර් 09ට කල් යයි
Local
10 July 2026
ප්‍රසන්න රණතුංගට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කරනවාද නැද්ද ගැන නියෝගය 14 වැනිදා
Local
10 July 2026
වැඩිම ඩෙංගු රෝගීන් ගම්පහෙන් - සමස්තය 66,000 ඉක්මවයි
Local
10 July 2026
ළමයි හදන්න දිරිමත් කරන්න අම්මටයි තාත්තටයි දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ: මන්ත්‍රී අජිත් පී. පෙරේරා
Local
10 July 2026
ශෂීන්ද්‍ර ඇතුලු තිදෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
Local
10 July 2026
අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරයි
Local
10 July 2026
අලුත්වැඩියාවක් නිසා, මහනුවර - පේරාදෙණිය අතර, මුල්ගම්පොල (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය අද ප:ව:6 සිට සිට 13 අළුයම 4 දක්වා සම්පූර්ණයෙන් වසා තැබේ
Local
10 July 2026
ඉන්දියාවම කම්පා කළ ඛේදවාචකය - මලක් නසා පොලිස් වෙඩි පහරින් මියගිය නරුම පුතුගේ දේහය භාර ගැනීම මව ප්‍රතික්ෂේප කරයි
Local
10 July 2026
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Local
10 July 2026