General10 July 2026

ශෂීන්ද්‍ර ඇතුලු තිදෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුලු දේපල ඉකුත් අරගල සමයේ විනාශයට පත් වීමෙන් අනතුරුව හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ වෙනුවෙන් රුපියල් 88,50000 ක වන්දි ලබා ගත් බව කියන සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුලු තිදෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම අද (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම හමුවේ දැන්වුවා.


සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම පවසා සිටියේ මෙම සැකකරුවන් තිදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළ බවයි.

ඒ අනුව මෙම සැකකරුවන්ට මෙම අධිකරණයේ තිබෙන නඩු කටයුත්ත අවසන් කරන ලෙසත් සැකකරුවන්ට මහාධිකරණයේ පෙනී සිටීමට නියෝග කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල නඩු කටයුතු අවසන් බවත් මහාධිකරණයේ පෙනී සිටින ලෙසට සැකකරුවන්ට නියෝග කළා.

සිද්ධියට අදාල පළමුවන සැකකරු වන හිටපු අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ සහ
හානි පූර්ණ කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් සහ හිටපු මහවැලි අධ්‍යක්ෂක කීර්ති බී කොටගල සහ හානි පුර්ණ කාර්යාලයේ (වැඩ බලන) හිටපු අධ්‍යක්ෂ ජනරාල් සමන් කුමාරි අධිකරණයේ පෙනී සිටියා.
Related recommendation
Hiru TV News | Programmes