General11 July 2026

ජාතික ආරක්ෂාව ඉහළින්ම තහවුරු කර තිබෙනවා - නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර

වත්මන් රජය බලයට පත් වූ දිනයේ සිට ජාතික ආරක්ෂාව ඉහළම මට්ටමින් තහවුරු කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ "නාවලපිටිය හා කොත්මලේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ" ආසන සමුළුවට එක්වෙමින්.

මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් අවස්ථානුකූලව යම් යම් ප්‍රශ්න මතු වුවද, ඒවා මේ වන විට මුළුමනින්ම සමථයකට පත් කිරීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පැවසුවා.

තමන් ඇතුළු කණ්ඩායම සැමවිටම සියලු යහපත් කාර්යයන් සිදු කරනු ලබන්නේ ව්‍යවස්ථානුකූලව සහ ප්‍රතිපත්තිගරුකව බවද ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම, බන්ධනාගාර කොමසාරිස්වරයා පත් කිරීම සහ බෝගම්බර බන්ධනාගාරය යළි පිහිටුවීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඉදිරි දිනයකදී නිල වශයෙන් අදහස් දැක්වීමට නියමිත බවද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා.
Related recommendation
Hiru TV News | Programmes