International12 July 2026

දකුණු ඉන්දීය සිනමාවේ ස්වර්ණමය හඬ, ප්‍රවීණ ගායිකා එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි

දකුණු ඉන්දීය සිනමාවේ භාෂා රැසකින් චිත්‍රපට ගීත රැසක් ගායනා කරමින් රසික හදවත් දිනාගත් ප්‍රවීණ පසුබිම් ගායිකා එස්. ජානකී (S. Janaki) 88වැනි වියේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඊයේ (11) පස්වරුවේ කර්නාටක ප්‍රාන්තයේ මයිසූරු හිදී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කළ බවයි.

ඕනෑම පරාසයක ගීත ගායනා කළ හැකි සුවිශේෂී සහ බහුවිධ කටහඬකට හිමිකම් කී ඇය, වයස් සීමාවන් හෝ කාල වකවානුවලට කොටු නොවෙමින් දශක ගණනාවක් පුරා දකුණු ඉන්දීය සිනමාව ඒකාලෝක කරනු ලැබුවා.

ඇය දකුණු ඉන්දියාවේ බිහිවූ ප්‍රමුඛ පෙළේ සහ අතිදක්ෂ සංගීත අධ්‍යක්ෂවරුන් සියලු දෙනා යටතේම පාහේ ගීත ගායනා කර ඇති අතර, එස්. රාජේෂ්වරා රාඕ (S. Rajeswara Rao), කේ.වී. මහාදේවන් (K.V. Mahadevan), එම්.එස්. විශ්වනාදන් (M.S. Vishwanathan), පී. දක්ෂිණ මූර්ති (P. Dakshina Murthy) මෙන්ම ඉලෙයයිරාජා (Ilayaraja) සහ ඒ.ආර්. රහ්මාන් (A.R. Rehman) වැනි පිරිස් ඇතුළත්.

මූලාශ්‍රය - TOI
Related recommendation
Hiru TV News | Programmes