අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ නෞකාවකට ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන 'හෝමූස් සමුද්‍ර සන්ධිය' (Strait of Hormuz) වසා දැමීමට පියවර ගත් බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම සිදුවීම මුල් කරගනිමින් තමන් වෙත එල්ල වන ඕනෑම ආකාරයක ප්රතිප්රහාරයකට "දැඩි ප්‍රතිචාරයක්" ලබා දෙන බව ද ඉරාන බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකායේ (IRGC) නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අදාළ නෞකාව සිය සන්නිවේදන පද්ධති ක්‍රියා විරහිත කරමින් සමුද්‍රීය ආරක්ෂාව අනතුරේ හෙලූ බැවින් එයට ප්‍රහාර එල්ල කර ගමන නවතා දැමීමට කටයුතු කළ බවයි.
කෙසේ වෙතත්, ප්‍රහාරයට ලක්වූ නෞකාව පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙතෙක් අනාවරණය කර නැහැ.
මෙම කලාපයෙන් අමෙරිකානු මැදිහත්වීම් අවසන් වනතුරු සහ ඉදිරි දැනුම්දීමක් සිදු කරන තුරු හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තැබෙනු ඇතැයි ද ඉරානය අවධාරණය කරනවා.
මේ අතර, ඉරානයේ මෙම පියවරට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය (US Central Command) ප්‍රකාශ කළේ සිවිල් සහ වාණිජ නෞකාවලට ඉරානයෙන් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා තමන් ඉරාන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇති බවයි.
ප්‍රහාරයට ලක්වූ නෞකාව සයිප්‍රස් රාජ්‍යයට අයත් බහාලුම් ප්‍රවාහන නෞකාවක් බවත්, එහි එන්ජින් කාමරයට දැඩි හානි සිදුව ඇති අතර එක් සිවිල් සේවකයෙකු අතුරුදහන් වී ඇති බවත් අමෙරිකානු ආරක්ෂක අංශ තහවුරු කළා.

Latest News
අද පස්වරුවේ දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Local
12 July 2026
ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් තෙවැනි වරටත් ප්‍රහාර
Local
12 July 2026
ඉරානයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර
Local
12 July 2026
පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ ද. අප්‍රිකානු ක්‍රීඩක ජේඩන් ඇඩම්ස් හදිසියේම මෙලොව හැරයයි : මරණය ගැන පොලිස් පරීක්ෂණයක්
Local
12 July 2026
දකුණු ඉන්දීය සිනමාවේ ස්වර්ණමය හඬ, ප්‍රවීණ ගායිකා එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
Local
12 July 2026
විම්බල්ඩන් කිරුළ ලින්ඩා නොස්කෝවාට
Local
12 July 2026
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්‍රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026