International12 July 2026

ඉරානයෙන් අමෙරිකාවට නිල අනතුරු ඇඟවීමක්

"එකපාර්ශවීය ගිවිසුම්වල යුගය දැන් අවසන්" බවත්, ලබා දී ඇති පොරොන්දු ඉටු නොකළහොත් ඒ සඳහා බරපතළ වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු වන මොහොමඩ් බගර් ගාලිබෆ් (Mohammad Bagher Ghalibaf) අමෙරිකාවට දැඩි ලෙස අනතුරු අඟවා තිබෙනවා.

සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර, ඉරාන - අමෙරිකානු අවබෝධතා ගිවිසුමේ (Iran-US memorandum of understanding) 5 වැනි වගන්තියේ ඡායාරූපයක් (Screenshot) ද ඊට අමුණා තිබෙනවා.

එම 5 වැනි වගන්තිය මඟින් හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්බන්ධයෙන් පවතින විශේෂ ප්‍රතිපාදන හා කොන්දේසි ඔහු විසින් එහිදී විශේෂයෙන් ඉස්මතු කර පෙන්වා දී තිබෙනවා.

මැදපෙරදිග කලාපය පුරා ඉරානය සහ අමෙරිකානු හමුදා අතර දැඩි යුදමය නොසන්සුන්තාවක් හටගෙන ඇති පසුබිමකයි ඉරාන ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගෙන් මෙම ප්‍රකාශය නිකුත් වී ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes