General13 July 2026

නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් ජූලි 24 දක්වා තවදුරටත් රිමාන්ඩ්

නැගෙනහිර පළාතේ සිදු වූ බව කියන පස් පුද්ගල මනුෂ්‍ය ඝාතන සිද්ධියකට අදාළව නැඟෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අද දින ඔහුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.,

ඒ අනුව ඔහු ජූලි මස 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
Related recommendation
Hiru TV News | Programmes