බලහත්කාර ශ්‍රමය උපයෝගී කරගනිමින් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීම සම්බන්ධයෙන් ලබාදෙන නිල උපදෙස් මාලාව ලැබෙන තෙක් අපේක්ෂාවෙන් සිටින බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
මෙම තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අදාළ අමාත්‍යාංශය මඟින් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු නිල උපදෙසක් ලැබී නොමැති බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ.
බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට අදාල ගැසට් නිවේදනය ඉකුත් (10) වැනිදා දිනැතිව ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ තිබුණා.
ඒ, මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කළ නියෝගයකට අනුවයි.
බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මගින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කැනීම් කරනු ලබන, නිෂ්පාදනය කරනු ලබන හෝ නිමකරනු ලබන ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීම තහනම් වන බව සඳහන් කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 2026 ජුලි මස 10 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදියි.
එම නිවේදනයේ සඳහන් වන්නේ, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තීරණ සැළකිල්ලට ගනිමින් මෙම රෙගුලාසි අදාළ වියයුතු භාණ්ඩ හෝ රටවල් අමාත්‍යවරයා විසින් කලින් කලට නිවේදනය කළ හැකි බවයි.
ඒ අනුව භාණ්ඩ ආනයනය කිරීමේදී බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මගින් නිෂ්පාදනය කර හෝ නිමවා නොමැති බව තහවුරු කිරීමට අවශ්‍ය වූ ලේඛණ රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත් කළ යුතුව ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
මෙම නව රෙගුලාසිවල අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා වගකිව යුතු ප්‍රධාන නියාමන අධිකාරිය ලෙස රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පත්කර තිබෙනවා.
ඒ අනුව, පවත්නා රේගු ආඥාපනතට අනුකූලව මෙම රෙගුලාසි නිසි පරිදි බලාත්මක කිරීම සඳහා අනුගමනය කළ යුතු පරිපාලන ක්‍රියාපටිපාටීන් නියම කරමින්, දෙපාර්තමේන්තුමය නියෝග නිකුත් කිරීමට ද රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට පූර්ණ බලය හිමිවන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
බලහත්කාර ශ්‍රම භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීමට ප්‍රමාණවත් පියවර නොගැනීම හේතුවෙන්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අතිරේක ආනයන බද්දක් පැනවීමට ඇමෙරිකානු රජය පසුගියදා යෝජනා කර තිබු අතර, ඔවුන් මෙරටට යෝජනා කර තිබූ අතිරේක බදු ප්‍රතිශතය සියයට 12.5ක්.
කෙසේ වුවද, මෙම තත්ත්වයට පිළියමක් ලෙස රජය විසින් නව රෙගුලාසියක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව මින් ඉදිරියට බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මඟින් නිෂ්පාදනය කරනු ලබන හෝ නිම කරනු ලබන කිසිදු භාණ්ඩයක් මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.
Latest News
කමාන්ඩෝ සලින්තගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CIDය අධිකරණයෙන් අවසර ඉල්ලයි
Local
13 July 2026
IPL ඉතිහාසයේ යුගයක නිමාව - ස්ටීවන් ෆ්ලෙමින්, චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී
Local
13 July 2026
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එකමුතු වෙයි
Local
13 July 2026
දොම්පේ ප්‍රදේශයේදී අයිස් කිලෝ 8ක්, ජීව උණ්ඩ 20 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට
Local
13 July 2026
මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් මතක බණ ධර්ම දේශනයක්
Local
13 July 2026
බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයන තහනම පිළිබඳව අමාත්‍යාංශ උපදෙස් ලැබෙන තුරු සිටිනවා - ශ්‍රී ලංකා රේගුව
Local
13 July 2026
පෙයාර්ස් ගොවීන්ගෙන් මැසිවිලි
Local
13 July 2026
නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් ජූලි 24 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
13 July 2026
දර ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් තේ වත්තකට පෙරළෙයි: රියැදුරු රෝහලේ
Local
13 July 2026
ආර්ථිකය විවාහයට සහ දරු උපත්වලට බාධාවක් - මහාචාර්ය මනෝරි වීරතුංග
Local
13 July 2026