General13 July 2026

දිට්වා නිසා නිවාස අහිමි වූවන්ගේ මාසික කුලී දීමනාව තවත් මාස 3කින් දීර්ඝ කෙරේ

දිට්වා ආපදාවෙන් ඇති වූ නායයෑම් හා ගංවතුර හේතුවෙන් තමන්ගේ නිවාස අහිමි වී, පදිංචි වීමට වෙනත් නිවසක් නොමැති වැසියන් වෙනුවෙන් ලබා දෙන මාසික නිවාස කුලී දීමනාව තවත් මාස 03කින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරනවා.

මීට පෙර 2025.12.05 දිනැති අයවැය චක්‍රලේඛ අංක 08/2025 යටතේ ආපදාවට ලක්වූවන් සඳහා සුදුසු ස්ථානයක නව නිවසක් ඉදිකර ගන්නා තෙක් තාවකාලික ස්ථානයක පදිංචි වීම සඳහා මාස 06ක කාලයකට මෙම මාසික කුලී දීමනාව ලබා දී තිබුණා.

අමාත්‍ය මණ්ඩලයේ නව තීරණයට අනුව එම කාලය තවත් මාස 03කින් දීර්ඝ කර ඇති අතර, ඒ අනුව උපරිම මාස 09ක කාලයක් දක්වා මාසිකව රුපියල් 25,000 බැගින් මෙම ගෙවල් කුලී දීමනාව හිමි වනු ඇති.
Related recommendation
Hiru TV News | Programmes