General13 July 2026

කොත්මලේ ප්‍රධාන අධිකරණ සංඝනායක නියංගම්දොර පඤ්ඤානන්ද හිමි අපවත් වෙති

කොත්මලේ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, පංච මහා විහාරාධිපති, සද්ධර්ම කීර්ති ශ්‍රී කර්මාචාර්ය, ප්‍රවීනාචාර්ය පූජ්‍ය නියංගම්දොර පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වී තිබෙනවා.

අපවත් වී වදාළ නියංගම්දොර පඤ්ඤානන්ද හිමියන් කොත්මලේ අඹතලාව ප්‍රඥා ප්‍රදීප පිරිවෙනේ විශ්‍රාමික පරිවේනාධිපති මෙන්ම, කොත්මලේ සාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති වශයෙන් සුවිශේෂී ශාසනික මෙහෙවරක නිරත වුණා.

ශාසන ලැදි වැඩසටහන් රැසකට නායකත්වය ලබා දුන් උන්වහන්සේ, ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගුණගරුක ගෝල පරම්පරාවක් මහ සඟරුවනට දායාද කිරීමට ද මූලිකත්වය ගත්තා.

අපවත් වී වදාළ නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන (15) වැනිදා පස්වරු 2.00ට කොත්මලේ නව නගරයේ මහජන ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes