General13 July 2026

න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි

තම රටේ න්‍යෂ්ටික බලාගාර සහ පහසුකම් පරීක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය (IAEA) කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට ඉරානය පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානයේ මෙම තීරණයත් සමග බටහිර රටවල් සහ ඉරානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් දැඩි වී ඇති බවයි.

මේ අතර, ප්‍රංශය අවධාරණය කර සිටින්නේ ටෙහෙරාන් පාලනය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන්ම අත්හරින තෙක් යුරෝපා සංගමය විසින් පනවා ඇති සම්බාධක කිසිසේත්ම ඉවත් නොකරන බවයි.

ඉරානය ජාත්‍යන්තර පරීක්ෂණ සඳහා ඉඩ ලබා දිය යුතු අතර, එසේ නොමැති වුවහොත් පවතින ආර්ථික හා දේශපාලන සම්බාධක තවදුරටත් දැඩි කිරීමට සිදු වන බවයි ප්‍රංශ බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes