නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී මහවැලි ගඟේ ජල පහරට හසුවී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
මෙසේ පශ්චාත් උසස්වීම් ලබා ඇත්තේ විශේෂ කාර්ය බලකායේ කන්තලේ කඳවුරට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් 67763 ඩි. ජි. රණසිංහ නිලධාරියායි.
මෙම නිලධාරියා ඉකුත් 12 වැනිදා කින්නියා පොලිස් වසමේ මුලුක්කුශවට්ටි ප්‍රදේශයේ සිදු කළ නීති විරෝධී වැලි ඡාවාරමක සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ හදීසි අනතුරකින් මහවැලි ගඟේ ජල පහරට හසුව ජීවිතක්ෂයට පත්ව තිබුණා.
ඒ අනුව, රාජකාරිය ඉටු කිරීමට යාමේදී සිදු වූ මෙම හදිසි අනතුරින් මියගිය ඩි.ජි. රණසිංහ නිලධාරියා වෙත, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයන්ට අනුකූලව පශ්චාත් උසස්වීම් පදනම යටතේ උප පොලිස් පරීක්ෂක (SI) තනතුරට එලෙස උසස්වීම් පිරිනමා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
Latest News
කොටස් වෙළෙඳපොළ ඒකක 7.19කින් පහළට
Local
15 July 2026
පොලිසියේ නමින් සහ රජයේ GovPay අනුකරණය කරමින් ක්‍රියාත්මක වන SMS මූල්‍ය වංචාවක් ගැන හදිසි අනතුරු ඇඟවීමක්!
Local
15 July 2026
CBL සමපෝෂ අනුග්‍රහයෙන් පළාත් පාසල් ක්‍රීඩා උළෙල ජූලි 21දා ඇරඹේ
Local
15 July 2026
ජීවන වියදම නැග්ගත් අනුරට 75%ක් කැමැතියි - CPA නවතම වාර්තාව
Local
15 July 2026
ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට සරුංගල් යැවීමෙන් වළකින්න: ගුවන් හමුදාවෙන් හදිසි ඉල්ලීමක්
Local
15 July 2026
විමල්ගේ සොයුරු සරත් වීරවංශ අත්අඩංගුවට
Local
15 July 2026
ඉන්දියාවේ රෙදි ප්‍රදර්ශනයකට ඇමති හඳුන්නෙත්ති ගිහින් ඇමති ගිරිරාජ් සහ මාගරීටා සමඟ සාකච්ඡා
Local
15 July 2026
එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප
Local
15 July 2026
ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයට පෙර සමාප්ති උළෙලක්
Local
15 July 2026
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්, එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිතයා හමුවෙයි
Local
15 July 2026